සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟය අද (19) හරාරේ හිදි ආරම්භ වෙයි.
ශ්‍රී ලංකා වේලාවෙන් තරඟය පස්වරු 1.30ට ආරම්භ විමට නියමිතයි.
ශ්‍රී ලංකා කණ්ඩායම, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව කිසිදු ටෙස්ට් තරඟයක් පරාජයට පත්වී නොමැත.
දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වන අතර සිම්බාබ්වේ කණ්ඩායමේ නායකත්වය සීන් විලියම්ස් හට හිමිව ඇත.