ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර වෙළෙඳ ගනුදෙනු 2016-2017 කාල පරාසය තුළ ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 1.3ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙය අදාළ වසර තුළ දෙරට අතර සමස්ත වෙළෙඳ ගනුදෙනුවල 15%ක පමණ ඉහළ යෑමක් මෙන්ම, සේවා අංශයේ 27%ක පමණ ඉහළ යෑමක් බවත් පෙන්වා දෙන ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසන්නේ පසුගිය වසර පහක කාලය තුළ ගනුදෙනුවල 8.6%ක පමණ වර්ධනයක් පැවති බවයි.