අයි.සී.සී කාන්තා ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනිමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබේ.
ඒ එංගලන්ත කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම අතර අද (05) පැවැත්විමට නියමිතව තිබූ අවසන් පූර්ව වටයේ තරඟය අයහපත් කාලගුණය හේතුවෙන් අත්හැර දැමිමත් සමඟයි.
තරඟය අත්හැර දැමිම හේතුවෙන් ලකුණු සටහනේ පෙරමුණ ගැනිමට සමත්ව සිටි ඉන්දීය කාන්තා ක්‍රිඩිකාවන් අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගත්තේය.