ජපානය හා ශ්රී ලංකාව අතර සබඳතාවලට වසර 70ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන සංස්කෘතික උළෙලක් අද (09) ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වෙයි.
ඒ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්රයේ ප්රධාන ශාලාවේදී පස්වරු 6.00ට ආරම්භ වීමට නියමිතයි. ජපානයේ හොංජින් පදනම හා ජපාන තානාපති කාර්යාලය ඒකාබද්ධව මේ සංස්කෘතික උළෙල සංවිධානය කර ඇත.
මැති ඇමැතිවරුන් සහ මෙරට ජපන් තානාපතිවරයාගේ සහභාගිත්වයෙන් මෙය පැවැත්වේ. මෙය මෙරට පළමු වරට පවත්වන සංස්කෘතික උළෙලක් බව ජපාන තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශය ප්රකාශ කරයි.