එංගලන්තය සමඟ තරඟවදින ශ්‍රී ලංකා සංචිතය මෙන්න

Share

සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

 

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ඊයේ (09) පස්වරුවේ ප්‍රකාශයට පත් කෙරුණි.

මෙම සංචිතයෙන් ලහිරු තිරිමාන්න ඉවත් කර ඇති අතර කුසල් ජනිත් පෙරේරා සහ වනිදු හසරංග සංචිතයට ඇතුළත් කර තිබේ.

මීට අමතර ඔෂද ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, ලක්ෂාන් සදකැන් සහ සුරංග ලක්මාල් නම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේය.

දෙරට අතර ටෙස්ට් තරගාවලියේ පළමු තරඟය එළඹෙන 19 වැනිදා ගාල්ලේ දී පැවැත්වීමට නියමිතයි.

Read more

Local News