විශ්‍රාමික ප්‍රවීණයින්ගේ පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ ඊයේ (10) පැවැති තරඟයකින් ජය වාර්තා කිරීමට ඉන්දීය ප්‍රවීණයන්ගේ කණ්ඩායම සමත් වුයේ ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම පරාජයට පත් කරමින්.
තරඟයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය ප්‍රවීණයින්ගේ පිල පළමු පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කණ්ඩායමට ආරධනා කළේය.
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 138ක්.
ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ පිල වෙනුවෙන් තිලකරත්න දිල්ශාන් ලකුණු 23ක් සහ චාමර කපුගෙදර ලකුණු 23ක් රැස් කිරීමට සමත් විය.
ලකුණු 139ක ජයග්‍රහී ඉලක්කය හඹායාම සඳහා පිටියට පිවිස ඉන්දීය ප්‍රවීණයින්ගේ කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 4කදී කඩුලු 5ක් පමණක් දැවී එම ඉලක්කය පසු කර ගියේය.