මුදල් නෝට්ටු භාවිතයේ දී සැලකිලිමත් වන්න

Share

වර්තමානයේ දී ගෝලීය වසංගත තත්ත්වයක් දක්වා උත්සන්න වී ඇති කොරෝනා වෛරසය මුදල් නෝට්ටු ස්පර්ශ කිරීම මගින් පැතිරී යාමේ හැකියාවක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

 

මේ පිළිබඳව අනාවරණය කරමින් අපිරිසිදු මුදල් නෝට්ටු හරහා කොරෝනා වෛරසය පැතිර යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසූ බව The Telegraph පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

“මුදල් නෝට්ටු යනු නිරන්තරයෙන් අතින් අත හුවමාරු වන දෙයක්. එය සෑම වර්ගයකම බැක්ටීරියා හා වෛරසවලට නිරාවණය වෙනවා. මුදල් නෝට්ටු ස්පර්ශ කිරීමෙන් පසු තම මුහුණ ඇල්ලීමෙන් වළකින ලෙස අප ජනතාවට කියනවා“, යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශකයෙකු The Telegraph වෙත පවසා තිබේ.

Read more

Local News