කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (12) පෙරවරුවේ මිනිත්තු 30ක කාලයකට අත්හිටුවා ඇත.
අද පෙරවරු 11.47 සිට දහවල් 12.17 දක්වා මිනිත්තු 30ක කාලයක් සාමාන්‍ය ගනුදෙනු සිදු වි නැති බව වාර්තා වෙයි.
කොටස් වෙළඳපොළේ S&P SL 20 දර්ශකය සියයට 5කින් හා සමස්ත කොටස් මිල දර්ශක සියයට 3.77කින් කඩා වැටීමත් සමග මෙසේ කොටස් වෙළඳපොළ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.