කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වෙන්න එංගලන්ත ක්‍රිකට් පිලට උපදෙස්

Share

කොරෝනා වෛරසයෙන් මිදීම සඳහා අවශ්‍ය උපදෙස් තම කණ්ඩායමට ලැබී තිබෙන බව එංගලන්ත ක්‍රිකට් නායක ජෝ රූට් පවසයි.

 

ශ්‍රී ලංකාව සමඟ ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟය මාර්තු මස 19 වැනිදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතයි.

ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව ඊයේ (11) කොළඹ දී පැවැත්විණි.

එහිදී ලොව පුරා පැතිර යන නව කොරෝනා වෛරසය පිළිබඳ අදහස් දක්වමින් එංගලන්තය නායක ජෝ රූට් සඳහන් කළේ, මේ සංචාරය අතරතුරදී කිසිවෙකුටත් අතට අත නොදෙන බවත් ඒ වෙනුවට වෙනත් ක්‍රමයකින් ආචාර කිරීමට තම කණ්ඩායම සූදානමින් සිටින බවයි.

එමෙන්ම ටෙස්ට් තරගාවලියට සුදානම් වන අවස්ථාවලදී ශ්‍රී ලංකා ප්‍රේක්ෂයන් සමඟ සෙල්ෆි ඡායාරූප ලබාගැනීම සහ සමරු සටහන් ලබා දීමෙන් වැලකී සිටින බව ද ඔහු පවසයි.

එංගලන්ත නායකයා වැඩිදුරටත් සඳහන් කළේ, එම වෛරසයෙන් මිදීමට තම කණ්ඩායමට වෛද්‍ය උපදෙස් ලැබී ඇති බවයි.

Read more

Local News