ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ II වැනි ශ්‍රේණියේ රේගු පරීක්ෂක තනතුරුවලට බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය – 2017 (2018) ලබන 13 වන දා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් සඳහන් කරයි.
කොළඹ දිස්ත්‍රික්කයේ විභාග මධ්‍යස්ථාන 12 ක හා පිට පළාත්වල විභාග මධ්‍යස්ථාන 69ක වශයෙන් දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 81ක පැවැත්වීමට නියමිත මෙම විභාගය සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 24 ක් යෙදා ඇත.
මේ සඳහා සිංහල මාධ්‍යයෙන් 9,358 ක් ද, දෙමළ මාධ්‍යයෙන් 1,131 ක් සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් 199 ක් වශයෙන් අයදුම්කරුවන් 10, 688 ක් පෙනී සිටීමට නියමිතය.