නව කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා විසින් පසුගිය ඉරිදා දිනයේ දී රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබුවේය.
රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එරට ක්‍රිකට් තරඟ පැවැත්වීම තාවකාලිකව අත්හිටුවීමට ද පියවර ගෙන තිබේ.
මේ හේතුවෙන් ක්‍රිකට් තරඟ පැවැත්වීම ඉදිරි දින 60ක කාලයක් දක්වා අත්හිටුවා තිබේ.
ඊට අමතරව පාපන්දු, රග්බි සහ මළල ක්‍රීඩා ඉසව් පැවැත්වීමද අත්හිටුවා ඇති බව සඳහන්.