සුසිල් ප්‍රේමජයන්ත මහතා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙයි.
දිවුරුම් දීම ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරුනු අතර ඒ සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද එක්ව සිටියහ.