කොළඹ ප්‍රදේශ රැසකට අද(12) සහ හෙට(13) පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව කොළඹ 09, 10, 11, 12, 13, 14 සහ කොළඹ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.
අද රාත්‍රී 10.00 සිට පසුදින උදෑසන 10.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.
බෙදා හැරීමේ පද්ධතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් සහ අඹතලේ සිට එළිහවුස් දක්වා ජලය සැපයෙන ප්‍රධාන නළයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇත.