කැන්ඩි ටස්කස් හා පැවති තරඟයෙන් දඹුල්ල වයිකින්ග්ස් ජය ගනී

Share

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (03) පැවැති 10 වන තරඟයෙන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම පරදා දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායම ජය හිමිකර ගැනීමට සමත් විය.

 

ඒ අනුව එම තරගයෙන් කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායම සමත් විය.

කාසිය වාසිය දිනු කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දුන් අතර නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් බිඳ වැටී ඔවුන් ලබා ගත්තේ ලකුණු 156 ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල දඹුල්ල වයිකින්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේ කඩුළු 5 ක් පමණක් බිඳවැටී ලකුණු 157 ක් ලබාගනිමින් ජය වාර්තා කළේය.

එහිදී ඇන්ජලෝ පෙරේරා ලකුණු 67ක් සහ නායක දසුන් ශානක ලකුණු 33ක් ලබා ගැනීමට සමත් විය.

Read more

Local News