ජැෆ්නා ස්ටැලියන්ස් පරදා කලම්බු කින්ග්ස් කණ්ඩායමට ජය

Share

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ ඊයේ (04) පැවැති 11 වැනි තරඟයෙන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පරදා කලම්බු කින්ග්ස් කණ්ඩායම කඩුලු 06කින් ජය හිමිකර ගැනීමට සමත් විය.

 

පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 148කි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බු කින්ග්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේ ලකුණු 149 ක් ලබාගනිමින් ජය වාර්තා කළේය.

කලම්බු කින්ග්ස් කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 68ක් රැස් කිරීමට සමත් විය.

Read more

Local News