සතියකට දවසක් බතික් අඳින්නැයි ඇමති දයාසිරිගෙන් ඉල්ලීමක්

Share

2021 ජනවාරි 01 වැනිදා සිට සතියකට දිනක් බතික් ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කරන ලෙස රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටින බව බතික්, අත්යන්ත්‍ර, රෙදි හා දේශීය ඇගලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ(04) පාර්ලිමේන්තුවේදී පැවසීය.

 

එය නියමයක් නොව ආයාචනයක් පමණක් බවද ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම ලබන වසරේ සිට පාසල් ළමුන්, හමුදා නිලධාරීන්, හෝටල් සේවකයන්ගේ නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි දේශීයව සපයා දෙන බවද ඇමැතිවරයා පැවසීය.

වසරකට සිවුරු 40,000ක් පිටරටින් ගෙන්වන බවත් ලබන වසරේ සිට ඒවා මෙරටදී නිෂ්පාදනය කරන බවත් දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Read more

Local News