ජර්මනිය බදාදා සිට යළිත් ලොක්ඩවුන්

Share

මේ වන විට ලොව පුරා පැතිරි තිබෙන කොරෝනා වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිම්න් ජර්මනිය තුළ වෛරස පාලනය සදහා එලඹෙන බදාදා(16) දිනයේ සිට ජාතික වශයෙන් අගුලු දමන බව ජර්මනියේ රාජ්‍ය නායිකාව වන ඇන්ජෙලා මාර්කල් මහත්මිය නිවේදනය කර තිබේ.

 

ඒ අනුව අත්‍යාවශ්‍ය නොවන වෙළඳසැල් සහ පාසැල් ජනවාරි 10 වනදා දක්වා වසා තැබෙනු ඇත. අවන්හල් සහ මත්පැන් අලෙවිහල් දැනටමත් වසා දමා ඇති අතර සමහර ප්‍රදේශ, ප්‍රාදේශීය වශයෙන් අගුලු දමා තිබේ.

අලුත් අවුරුදු උත්සව පැවැත්වීම සහ ගිනිකෙළි ද්‍රව්‍ය විකිණීම තහනම්කර තිබේ.

කෙසේවුවද බැංකු සහ අත්‍යාවශ්‍ය වෙළඳසැල් විවෘතව පවතින බව ජර්මන් රජය පවසයි.

රටේ ප්‍රාන්ත 16ක නායකයින් හමුවීමෙන් පසු මෙම පියවර නිවේදනය කරමින් මාර්කල් මහත්මිය කියා සිටියේ “වැඩිවන ආසාදන හමුවේ හදිසි පියවර ගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවයි.”

ජර්මනියේ දෛනික මරණ සහ ආසාදන වාර්තාගත ලෙස ඉහල ගොස් තිබේ.පසුගිය පැය 24 තුළ නව ආසාදන 20,200ක් වාර්තා වී ඇති අතර මේ වනවිට ජර්මනියෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 1.3කි.

පසුගිය දිනය තුළ පමණක් කොරෝනා රෝගීන් 321ක් මියගොස් ඇති අතර සිදුවී ඇති මුළු මරණ සංඛ්‍යාව 21,787ක් බව බෝවන රෝග සඳහා වන රොබට් කොච් ආයතනය පවසයි.සත්කාරක මධ්‍යස්ථාන, කොරෝනා පරීක්ෂණ සිදුකරන ස්ථාන බවට පත් කර ඇති බවද ඔවුහු පවසති.

Read more

Local News