ශ්‍රේෂ්ඨාධිකරණ ගින්න ගැන CID කණ්ඩායම් 3ක් ඔස්සේ පරීක්ෂණ

Share

කොළඹ අලුත්කඩේ පිහිටා ඇති ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ අද (15) සවස හටගත් ගින්න සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 3ක් යොදවා තිබේ.

 

ඒ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ගිනිගත් ස්ථානයේ අබලි ද්‍රව්‍ය තැන්පත් කර තිබූ බවද වාර්තා වෙයි.

Read more

Local News