වැලිසර රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිතයා සොයාගැනීමට පොලිසිය මහජන සහය පතයි

Share

වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ දිනයේ පැන ගිය කොරෝනා ආසාදිතයාගේ ඡායාරූපයක් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කර ඇත.

 

මෙම පුද්ගලයා පිළිබඳව යම් තොරතුරක් ලදහොත් ළඟම පිහිටි පොලිස් ස්ථානයට හෝ 119 හදිසි ඇමතුම් අංකයට දැනුම්දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

අදාල සැකකරු මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 43 හැවිරිදි පුද්ගලයෙකු බව වැඩිදුරටත් වාර්තා වෙයි.

එම අදාළ පුද්ගලයා ක්ෂය රෝගයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පසුගියදා වැලිසර ළය රෝහලට ඇතුළත් වී ඇති අතර පසුව සිදුකළ PCR පරීක්ෂණයකදී ඔහු කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබේ.

Read more

Local News