ඊයේ කොවිඩ් ආසාදිතයින් 428ක් – වැඩිම ආසාදිතයින් කළුතරින්

Share

ඊයේ (22) දිනයේ දී මෙරටින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 428ක් හඳුනාගෙන තිබේ.

 

එම ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 193ක් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 101ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 42 ක් වාර්තා වී තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් තිදෙනෙක් පමණක් ඊයේ දිනයේ දී වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 38,058ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News