ජනතාව වගකීමෙන් ක්‍රියා කළ යුතුයි – යුද හමුදාපති

Share

මෙම වසරේ කොවිඩ් ව්‍යාප්ත වීම පාලනය කිරීම රඳා පවතින්නේ මෙරට සිටින බුද්ධිමත් ජනතාව තුළ බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

 

කොවිඩ් ලෝක ව්‍යාප්තිය සිදු වෙද්දී නව වසර උදා වූ බව පැවසු ඒ මහතා රට ලොක් ඩවුන් නොකොට ආණ්ඩුව සහ සෞඛ්‍ය අංශය කොවිඩ් ව්‍යාප්තිය පාලනයට සියලු පියවර ගෙන ඇති බවද ඒ මහතා සදහන් කළේය.

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට මෙරට ජනතාව වගකීමෙන් මෙන්ම බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් යුද හමුදාපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම කොවිඩ් මරණවල අවසන් කටයුතු සිදු කිරීම විද්වත් කමිටු නිර්දේශ මත කළ යුතු වන බවද ඒ මහතා කියා සිටියේය.

ඒ මහතා මේ බව පැවසුවේ කොවිඩ් ආසාදිත මුස්ලිම් දේහ භූමිදානය සඳහා ඉඩ නොදුනහොත් නැවතත් යම් නොසන්සුන්තාවක් ඇති විය හැකිදැයි මාධ්‍යවේදීයෙක් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

Read more

Local News