මෙරට කොරෝනා මරණ ගණන 215ක් දක්වා ඉහළට

Share

අද (05) උදෑසන වන විට මෙරටින් කොවිඩි රෝගීන් 468ක් හදුනාගෙන තිබේ.

 

ඊයේ දිනයේත් වැඩ්ම රෝගීන් ගණනක් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ඒ රෝගීන් 183කි.

ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 73ක් සහ ගම්පහින් රෝගීන් 72ක් ද අනෙක් 139 දෙනා සෙසු දිස්ත්‍රික්ක වලින් වාරතා විය.

මෙරට වෙෙරසය අාසාදනය වූ රෝගින ගණන 41476ක් වන අතර ඉන් පුද්ගලයින් 35039ක් පුර්ණ ලෙස සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

මේ අතර මෙරට කොරෝනා වැළදීමෙන් සිදුවූ මරණ ගණන 215ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ දිනයේ රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 71 සහ 86 හැවිරිදි පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් ඇති බවට වාර්තා විමත් සමගයි.

අද උදෑසන වන විට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථන වල රෝගීන් 7212ක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.

ඊයේ දිනයේ මෙරට තුළ PCR පරීක්ෂණ 12826ක් සිදු කර තිබේ.

මේ අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 79ක් තුළ පුද්ගලයින් 4945ක් නිරෝධායනය වෙම්න් සිටි.

Read more

Local News