කොළඹ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයුම

Share

හෙට පස්වරු 03:00 දක්වා කොළඹ 01, 02, සහ 03 යන ප්‍රදේශ සඳහා ජල සැපයුම සිදුකරනු ලබන්නේ අඩු පීඩනයක් යටතේ ය.

 

ඒ අඹතලේ සිට මාලිගාකන්ද දක්වා වූ ජල නළයක සිදුකෙරෙන හදිසි අලුත්වැඩියාවක් හේතුවෙනි.

ඒ අනුව අද දහවල් සිට පැය 15ක් කොළඹ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජල සම්පාදන සහ ජලාප්‍රවාහන මණ්ඩලය නිවේදනය කර තිබේ.

Read more

Local News