කොළඹ මධ්‍ය තැපැල් හුවමාරුවේ තැපැල් කාර්යාලය වසා දමයි

Share

කොළඹ මධ්‍ය තැපැල් හුවමාරුවේ පිහිටා ඇති තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දමා තිබේ.

 

එම ආයතනය හා සම්බන්ධ තැපැල් කාර්යාලයේ සේවය කරන නිලධාරියෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමෙන් එය වසා දමා ඇත.

බස්නාහිර පළාත තුල මුහුණු ආවරණ පැළඳ නොසිටි පුද්ගලයින් සඳහා ඊයේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කර තිබේ.

ඒ අනුව මෙම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් පුද්ගලයින් 14දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත.

මේ අතර අද (06) උදෑසන වන විට මෙරටින් කොවිඩි රෝගීන් 468ක් හදුනාගෙන තිබේ.

ඊයේ දිනයේත් වැඩ්ම රෝගීන් ගණනක් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ඒ රෝගීන් 121කි.

ඊට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 30ක් සහ ගම්පහින් රෝගීන් 110ක් ද අනෙක් 218 දෙනා සෙසු දිස්ත්‍රික්ක වලින් වාරතා විය.

මෙරට වෙෙරසය අාසාදනය වූ රෝගින ගණන 41955ක් වන අතර ඉන් පුද්ගලයින් 35504ක් පුර්ණ ලෙස සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

මේ අතර මෙරට කොරෝනා වැළදීමෙන් සිදුවූ මරණ ගණන 217ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද උදෑසන වන විට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථන වල රෝගීන් 7247ක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.

ඊයේ දිනයේ මෙරට තුළ PCR පරීක්ෂණ 10774ක් සිදු කර තිබේ.

මේ අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 75ක් තුළ පුද්ගලයින් 5037ක් නිරෝධායනය වෙම්න් සිටි.

Read more

Local News