හිටපු නියෝජ්‍ය ඇමති මහරූෆ්ට ඇප : විදෙස්ගමන් තහනම්

Share

හිටපු නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මොහොමඩ් මහරූෆ් සහ සතොස හිටපු සාමාන්‍යාධිකාරී මොහොමඩ් අස්ලම් යන මහත්වරුන්ට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ.

 

ඔවුන් දෙදෙනාට රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප නියම කළ මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා එම සැකකරුවන් දෙදෙනාගේ විදෙස්ගමන් බලපත්‍ර ද තහනම් කළේය.

පසුගිය රජය සමයේදී සතොස වාහන අවභාවිත කළ බවට ඔවුන් චෝදනා ලබා සිටී.

මෙම නඩුව මාර්තු 24 වැනිදා නැවත කැඳවීමට නියමිතය.

Read more

Local News