ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක ගෲප් කපිතාන් සීන් අන්වින් යුද්ධ හමුදා මුලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
එහිදි, නව ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක හා යුද්ධ හමුදාධිපතිතුමා අතර පැවති ද්විපාර්ශවීය සාකච්ඡාවේදි දෙරට අතර සම්බන්ධතා පිළිබඳ වැඩි අවධානයක් යොමු විය.
මෙම සුහද හමුව සංකේතවත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් හා නව ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.