යුක්‍රේනයේ කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහළට : නව සීමා පනවයි

Share

යුක්‍රේනය ඊයේ(8) දිනයේ සිට ලබන ජනවාරි 24 වන දා දක්වා රට පුරා පාසල්, ආපනශාලා සහ කාය වර්ධන මධ්‍යස්ථාන වසා දමමින් නව සීමා කිරීම් පැනවීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

එරට කොරෝනා වෛරස ව්‍යාප්තිය සැප්තැම්බර් මාසයේ සිට යළි ඉහළ ගිය අතර තවදුරටත් එය පවතින්නේ, ඉහළ මට්ටමක බව තවදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සීමා ලිහිල් කිරීමට හෝ එය අවලංගු කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වුව ද යුක්‍රේන ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ, ඉතා කඩිනමින් නව සීමා කිරීම් පැනවිය යුතු බවයි.

තවද එරට සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, නව සීමා කිරීම් හඳුන්වා දීම හමුවේ රට තුළ විශාල වශයෙන් ආසාදිතයින් වාර්තාවීම පාලනය කිරීමට අපේක්ෂා කරන බවයි.

යුක්‍රේනයෙන් මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 11 ඉක්මවා ගොස් ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 19,588කි.

මේ අතර යුක්‍රේනයේ සිට ශ්‍රිලංකාවට පසුගියදා සංචාරකයින් කිහිප දෙනෙකු පැම්ණි අතර ඔවුන් අතරින් කිහිපදෙනෙකුට කොවිඩ් වෙෙරසය වැළදී තිබෙන බවට තහවුරු විය.

පසුව ඔවුන් නිරෝධායනට සදහා යොමු කරනු ලැබිය.

Read more

Local News