සමථ මණ්ඩල කටයුතු අද සිට ඇරඹේ

Share

රට තුල පවත්නා කොරෝනා දෙවන රැල්ල හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ දිවයින පුරා පිහිටි සමථ මණ්ඩල කටයුතු අද (09) දිනයේ සිට යළි ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව අධිකරණ අමාත්‍යාංශය සදහන් කරයි.

 

කොවිඩ් 19 වසංගතය දෙවන වර ඇති වීමත් සමග සමථ මණ්ඩලවල පැමිණිලි විභාග කිරීමේ කටයුතු පසුගිය සැප්තැම්බර් මස සිට නතර කිරීමට සිදු විය.

එහෙත් මේ වන විට එම තත්වය පහව යමින් ඇති බැවින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව අවදානම් කලාප හැර සෙසු ප්‍රදේශවල සමථ මණ්ඩල කටයුතු ආරම්භ කිරීමට සමථ මණ්ඩල කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව පැමිණිලි විභාග කිරීම හා සමථ මණ්ඩල කටයුතු පවත්වා ගෙන යා යුතු ආකාරය පිළිබදව සමථ නිලධාරින්ට හා දිවයින පුරා සමථ මණ්ඩල සභිකයින්ට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බව සමථ මණ්ඩල කොමිෂන් සභාව පවසයි.

Read more

Local News