ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

Share

ඉදිරි පැය 6 තුළ කරුවලගස්වැව, වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කලා ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

රාජාංගනය ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති බැවින් අද දහවල් වන විට ජලාශයෙන් තත්පරයට ඝන අඩි 12000ක ජල ප්‍රමාණයක් කලා ඔයට නිකුත් කිරීමට නියමිත බවත් කලා ඔය භාවිත කිරීමේදී දෙපස ජනතාව සැලකිලිමත් විය යුතු බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News