මෙරටට ආ යුක්‍රේන ජාතිකයින් දළදා මාලිගාවේ සංචාරයක (ඡායාරූප)

Share

මෙරටට සංචාරකයින් ගෙන්වා ගැනීමේ ශ්‍රී ලංකා රජයේ නියමු ව්‍යාපෘතිය හෙවත් Travel Bubble යටතේ පැමිණි යුක්‍රේන ජාතික සංචාරකයින් කණ්ඩායමක් අද මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ සංචාරයක නිරත වී තිබේ.

 

රජයේ නිරෝධායන නීතිරීති වලට අනුව හා දැඩි පරීක්ෂාවකින් අනතුරුව ශ්‍රී දළදා මාලිගාව පරිශ්‍රයේ සංචාරය කිරීම සදහා එම කණ්ඩායමට අවස්ථාව හිමි වී ඇත.

විදේශීය සංචාරකයින් සම්බන්ධයෙන් සකසා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි ක්‍රියාත්මක කරමින්, පැමිණි සියළුම සංචාරකයින්ගේ අනන්‍යතාවය තහවුරු කර ගනිමින් මෙම කටයුත්ත සිදුකල බවද ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය ඒකකය නිවේදනය කරනු ලැබිය.

 

Read more

Local News