පිල්ලෙයාන් නිදොස් කොට නිදහස් කෙරේ

Share

මඩකලපුව මහාධිකරණය ජෝසප් පරරාජසිංහම් ඝාතන නඩුවෙන් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුලු සැකකරුවන් පස් දෙනා අද දිනයේ නිදොස් කොට නිදහස් කරනු ලැබිය.

 

අද දින නඩුව කැඳවනු ලැබුවේ මඩකලපුව මහාධිකරණ විනිසුරු ඩී. එස්. සූසෙයිදාසන් මහතා හමුවේදීය.

පසුගිය 11 වැනිදා මෙම නඩුව කැඳවු අවස්ථාවේදී නීතිපති දොපර්තමේන්තුව අධිකරණයට දැනුම්දෙනු ලැබුවේ පිල්ලෙයාන් ඇතුලු විත්තිකරුවන්ට එරෙහි නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අදහස් නොකරන බවයි.

ඒ අනුව විත්තිකරුවන් පස් දෙනා නිදොස් කොට නිදහස් කිරීමට මඩකලපුව මහාධිකරණය නියෝග කළේ ය.

ඔහුට අදාලව නඩුව ගොනු වි තිබුනේ 2005 වසරේ දෙසැම්බර් 25 වැනිදා ජෝසප් පරරාජසිංහම් මහතා වෙඩි තබා ඝාතනය කිරිමට අදාලවයි

Read more

Local News