ඊයේ දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 8ක් වාර්තා විය.
ඒ් අනුව මෙරට කොරෝනා වෙෙරසය වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 264ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර අද (18) උදෑසන වන විට මෙරටින් කොවිඩි රෝගීන් 763ක් හදුනාගෙන තිබේ.
මෙරට වෙෙරසය ආසාදනය වූ රෝගින් ගණන 53075ක් වන අතර ඉන් පුද්ගලයින් 42413ක් පුර්ණ ලෙස සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
අද උදෑසන වන විට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථන වල රෝගීන් 7641ක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.
ඊයේ දිනයේත් වැඩ්ම රෝගීන් ගණනක් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.
ඒ රෝගීන් 241කි.
ඊයේ දිනයේ මෙරට තුළ PCR පරීක්ෂණ 15218ක් සිදු කර තිබේ.
මේ අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 83ක් තුළ පුද්ගලයින් 7173ක් නිරෝධායනය වෙම්න් සිටි.