2020 වසරේ චීන ආර්ථිකය වර්ධනය වෙයි

Share

චීනයේ දළ දේශීය නිෂ්පාදිතය 2020 වසරේදී සියයට2.3කින් වර්ධනය වී යුවාන් ට්‍රිලියන 101.5986 මට්ටමට ළඟාවෙයි.

 

පළමු කාර්තු තුනේ වර්ධනයට වඩා මෙය වේගවත් බව ජාතික සංඛ්‍යා ලේඛන කාර්යාංශයේ දත්ත පෙන්වා දෙයි.

2020 සිව්වන කාර්තුවේදී දළදේශීය නිෂ්පාදිතය සියයට 6.5ක වාර්ෂික වර්ධනයක් ලබාගත් අතර එය තුන්වන කාර්තුවේ වාර්තා වූ සියයට 4.9ක වේගයද ඉක්මවා ඇත.

රැකියා ජනතාවගේ යහපැවැත්ම ඵලදායී ලෙස සහතික කිරීමත් සමග රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය ක්‍රමයෙන් යථාතත්ත්වයට පත්ව ඇති බවත්, ආර්ථික හා සමාජ සංවර්ධනයේ ප්‍රධාන කාර්යයන් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා හොඳින් අවසන් කර ඇති බවත් සංඛ්‍යා ලේඛන කාර්යාංශය කියා සිටී.

COVID-19 වසංගතයේ බලපෑම අවම කිරීම සඳහා, රජය, බදුසහන, ණය අනුපාත කප්පාදුව සහ සේවානියුක්තිය ස්ථාවර කිරීම ඇතුළු පියවර රාශියක් ගෙන ඇත. වසංගතය දේශීය වශයෙන් බොහෝ දුරට පාලනය කර ඇති හෙයින්, කර්මාන්ත ශාලා සහ පාසල් නැවත ආරම්භ කර ඇති අතර රට පුරා සංචාරක ස්ථාන නැවත විවෘත කර තිබේ.

ස්ථාවර වත්කම් ආයෝජනය 2020දී වාර්ෂිකව සියයට2.9කින් ඉහළ ගොස් ඇති අතර අධිතාක්‍ෂණික කර්මාන්ත, සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය සඳහා වන ආයෝජනය සාමාන්‍යයට වඩා වේගයෙන් ඉහළ ගොස් ඇත.

Read more

Local News