මුල්ලියාවේලි ප්‍රදේශයෙන් හමුවූ කාලතුවක්කු පතොරමි තොගයක්

Share

යුද්ධ හමුදාව විසින් මුල්ලියාවේලි ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරිමකදි පාවිච්චියට නුසුදුසු කාලතුවක්කු පතොරමි තොගයක් සොයාගෙන තිබේ.

 

මුල්ලියාවේලි ප්‍රදේශයේදි ඊයේ (28) දිනයේ උසාවි නියෝගයකට අනුව සිදු කරනු ලැබු සෝදිසි කිරිමකදි 9 වන කේෂත්‍ර ඉංජිනේරු බලකාය සමග මුල්ලියාවේලි පොලිස් ස්ථානය සමග පාවිච්ච්යට නුසුදුසු කාලතුවක්කු පතොරමි තොගයක් සොයාගන්නා ලදී.

අදාල පතොරමි තොගයෙහි මිලි මීටර් 152 කාලතුවක්කු උණ්ඩ 110ක් මිලි මීටර් 122 කාලතුවක්කු උණ්ඩ 36ක් මිලි මීටර් 152 කාලතුවක්කු කාට්‍රිජ් 49ක් මිලි මීටර් 122 කාලතුවක්කු කාට්‍රිජ් 29ක් සහ විලායක 10ක් සොයාගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩ්දුර පරික්ෂණ මුල්ලියාවේලි පොලිස් ස්ථානය විසින් සිදු කරයි.

Read more

Local News