ශ්‍රී ලංකා ගුවන් හමුදාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

Share

73 වැනි නිදහස් සැමරුමේ පෙරහුරු කටයුතු හේතුවෙන් සරුංගල්, බැලුන් හා ඩ්‍රෝන යානා මේ දිනවල පියාසර කරවීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව ජනතාවගෙන් ඉල්ලා සිටි.

 

ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසන්නේ, පෙරහුරු කටයුතු වෙනුවෙන් ගුවන් යානා පහළින් පියාසර කරන බවය.

මේ හේතුවෙන්, සරුංගල්, ඩ්‍රෝන යානා සහ බැලුන් වැනි දෑ පහළින් පියාසර කරන යානාවලට අනතුරුදායක විය හැකි බව ගුවන් හමුදාව පෙන්වා දෙයි.

Read more

Local News