පාසල් සිසුවියක් දියේ ගිලී මියයාම සම්බන්ධයෙන් ගුරුවරිය අත්අඩංගුවට

Share

බලංගොඩ, කල්තොට ප්‍රදේශයේ පාසලක 16 හැවිරිදි සිසුවියක වළවේ ගඟේ ගිලී මියයාම සම්බන්ධයෙන් එම සිසුන් පිරිස භාරව සිටි ගුරුවරිය අත්අඩංගුවට ගෙන තිබේ.

 

පාසලේ බාහිර ක්‍රියාකරකම් භාර අදාළ ගුරුවරිය එම සිසුන් කණ්ඩායම පාසලෙන් පිටතට රැගෙන ගොස් ඇත්තේ විදුහල්පතිවරායාගේ හෝ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ අනුමැතියකින් තොරව බව පොලිස් මධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

15 දෙනෙකුගෙන් යුත් සිසුන් කණ්ඩායම විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා පසුගිය සෙනසුරාදා එලෙස වලවේ ගඟට කැටුව ගොස් ඇති බව ද පරීක්ෂණවලදී හෙළි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අදාල ගුරුවරිය අද අධිකරණයට ඉදිරිපත් කෙරේ.

Read more

Local News