වරාය සේවකයින් සහ අගමැති අතර පැවති සාකච්ඡාවේදී ගත් තීරණය

Share

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිදු රටකට අලෙවි කිරීම හෝ පාලනයට භාර නොදෙන බව ත්, එය 100% ක් වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක ආයතනයක් ලෙස පවත්වාගෙන යන බවත් අග්‍රාමාත්‍යවරයා පවසයි.

 

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, විෂය භාර අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කිරීමෙන් පසු එහි අංඩගු කරුණු විදේශීය සමාගමට ඉදිරිපත් කිරීමේදී එකී කරුණුවලට අදාළ සමාගම එකඟ නොවූ නිසා නැගෙනහිර පර්යන්තය 100%ක් වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් බවට පත් කිරීමේ කැබිනට් පත්‍රිකාව පස්වරුවේ කැබිනට මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව මෙම තීන්දුවට එකඟ වී ඇති අතර අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ද හෙට සිට අත්හිටුවීමට එකඟ වී ඇත.

මෙම කරුණුවලට එකඟතාව පළ වී අත්තේ, වෘත්තිය සමිති එකමුතුව අද අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී ය.

කෙසේ වෙතත් වෘත්තිය සමිති නායකයින් එම සාකච්ඡාවේදී නැගෙනහිර ජැටිය අන්සතු නොකර බවට වන ලිඛිත ලියැවිල්ලක් ඉල්ලා සිටි නමුත් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ, සිය වසර 50ක දේශපාලන ඉතිහාසය තුළ වෘත්තියව සමිති ගන්නා ලද ක්‍රියාමාර්ග අපමණ සංඛ්‍යාවක් විසඳා ඇති නමුත් කිසි දිනක තමන් ඒවා ලිඛිතව ලබා දී නොමැති බවයි.

එහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ, තමන් යමක් ප්‍රකාශ කළ හොත් එය ඒ අයුරින් ම ඉටු කරන බවටයි.

Read more

Local News