පෙබරවාරි 15 වැනිදා ඇරඹෙන පාසල්

Share

ගම්පහ පාසල් 590න් 589ක් සහ කළුතර පාසල් 446න් 442ක් පෙබරවාරි 15 වන දින සිට ආරම්භ කිරීමට අධ්‍යාපන ඇමතිවරයා නිර්දේශ කර තිබෙන බව වාර්තා වෙයි.

 

අද ‍(01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසිය.

ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව විසින් ඒ බව දන්වා ඇතැයි ද පැවසු අමාත්‍යවරයා ගම්පහ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 4ක් ඇති බවත්, ඉන් ගම්පහ කලාපයේ ඇති සියලුම පාසල් හා පිරිවෙන් මේ වන විට විවෘත කිරීමට හැකි තත්ත්වයක් පවතින බව ද පැවසීය.

ශිෂ්‍ය සංඛ්‍යාව විශාල නම් එය විදුහල්පතිවරයාගේ අභිමතය පරිදි එවැනි පන්ති දෙකඩ බෙදා සතියේ දිනවල පැවැත්වීමට අවසරය ලබාදී තිබේ.

Read more

Local News