ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ විශ‍්‍රාමලත් නාවික හමුදා නිළධාරීන්ගේ සුභසාධන කටයුතු වෙනුවෙන් පිහිටුවා ඇති ”ශ‍්‍රි ලංකා නාවික හමුදා සංගමයේ ”සාමාජිකයන් සඳහා දියතලාව ප‍්‍රදේශයේ නිවාඩු නිකේතනයක් ඉදිකිරීමට ඉඩමක අයිතිය නාවික හමුදා සංගමය වෙත භාරදීම සිදු කෙරුණි.
ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙනි.
දියතලාව ප‍්‍රදේශයේ නිවාඩු නිකේතනයක් ඉදිකිරීමට එම සංගමය මගින් ඉඩම් ඇමති ගයන්ත කරුණාතිලක මහතාගෙන් කළ ඉල්ලීම අනුව, මෙම ප්‍රදානය සිදු කෙරිණි.