වව්නියාවේ රක්ෂිත කැලෑවක වෙඩි හුවමාරුවක් : අයෙකුට තුවාල

Share

වව්නියාව සෙට්ටිකුලම් කප්පාච්චි රක්ෂිත කැලෑ ප්‍රදේශයක ආරක්ෂක රාජකාරියේ නිරත යුද හමුදා සෙබලුන් පිරිසක් සහ තවත් පිරිසක් අතර වූ සිදු වූ වෙඩි හුවමාරුවකදී එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවට සෙට්ටිකුලම් පොලීසිය පවසයි.

 

ඊයේ(1) රාත්‍රියේදී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

සෙට්ටිකුලම් කප්පාච්චි ඇතුලු සෙට්ටිකුලම් රක්ෂිතයේ සිදුවන දැව ජාවාරම් පිළිබඳව සහ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාන්විත රාජකාරියේ නිරත යුද හමුදා සෙබලුන් පිරිසක්ට පුද්ගලයින් තිදෙනෙකුගෙන් යුතු පිරිසක් විසින් ආයුධ සන්නද්දව පැමිණ වෙඩි ප්‍රහාරයක් පළමුව  එල්ල කිරීමෙන් පසුව යුද හමුදා සෙබලුන් විසින් ප්‍රතිප්‍රහාර සිදු කොට ඇත.

එහිදී එක් අයෙකු තුවාල ලබා සෙට්ටිකුලම් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා වව්නියාව මහරෝහලට ඇතුළත් කරනු ලැබීය.

තවද ආයුද සහිතව සිටි අනෙක් සැකකරුවන් දෙදෙනා පලා ගොස් ඇති අතර ඔවුන්ගෙන්ද එක් අයෙකුට තුවාල සිදුව ඇති බවට තොරතුරු අනාවරනය වී ඇති අතරම පලා ගිය පිරිස් සොයා සෙට්ටිකුලම් පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා ඇත.

Read more

Local News