මන්ත්‍රීධුරය අහෝසි නොකරන්නැයි ඉල්ලා රන්ජන්ගෙන් රිට් පෙත්සමක්

Share

සිය පාර්ලිමේන්තු ධුරය අහෝසි කිරීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබේ

 

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා නම් කර තිබෙන අතර අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වසර හතරක සිර දඬුවම් නියමවී සිටින හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ලබා දුන් තීන්දුව යළි සලකා බලන ලෙසට ඉල්ලා රාමනායක මහතා ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කිරීමට අවසර දෙන ලෙස සිය නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනු කර තිබේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු රන්ජන් රාමනායකට ඉකුත් ජනවාරි මස 12 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කරනු ලැබිය

Read more

Local News