ඉන්දියාවේ ග්ලැසියරයක් කඩා වැටී 150ක් ජිවිතක්ෂයට (ඡායාරූප)

Share

ඉන්දියාවේ උත්තර්කාණ්ඩ් හි ග්ලැසියර තට්ටු කඩා වැටීමෙන් සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් 150කට ආසන්න පිරිසක් මියගොස් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

 

හිමාල කඳු මුදුනේ පිහිටි ග්ලැසියර තට්ටු මෙලෙස කඩා වැටීමට ලක්ව ඇති අතර ඒ ආශ්‍රිත ගංඟාවල ජල මට්ටම් ඉහළ යාමෙන් හටගත් ගංවතුර තත්ත්වය හේතුවෙන් එම පිරිස මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

එම සිදුවීමෙන් දේපළ රැසකට ද හානි සිදුව ඇති අතර තවත් පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඉදිවෙමින් පවතින විදුලි බලාගාර දෙකක කම්කරුවන් පිරිසක් මියගිය සහ අතුරුදන්වූවන් අතර සිටින බව ඉන්දීය බලධාරීහූ පවසති.

අතුරුදන්වූවන් සොයා මුදාගැනීමේ කණ්ඩායම් මෙහෙයුම් ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ අදාළ සිදුවීම පිළිබඳව තමන් නිරන්තර අවධානයෙන් පසුවන බවය.

Read more

Local News