මිරිස් ආනයනය නතර කිරිමේ තවත් එක් අදියරක් : මෙරටදී මිරිස් නිෂ්පාදනයට පියවර

Share

මෙරට අමුමිරිස් අවශ්‍යතාවයෙන් යම් ප්‍රමාණයක් රට තුළ නිෂ්පාදනය කළද වියළි මිරිස් 99% ක්ම ආනයනය කෙරෙයි. එය නතර කිරිම රජයේ අරමුණ වන අතර ඒ සදහා 2023 වනවිට ක්‍රියාත්මක කිරීමට ඉලක්කගත වැඩපිළිවෙළක් මේ වන විටත් ක්‍රියාත්මකව පවතී.

 

ඒ වෙනුවෙන් අවශ්‍ය කරන බීජ මිරිස් නිෂ්පාදනය අරඹා ඇත.

ගලබොඩ ඉඩම් එළිපෙහෙළි කර බිම් සකස් කිරීම පසුගිය 06 වනදා ආරම්භ කළ අතර කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම තරුණයන්ට ශක්තියක් වීමට එම අවස්තාවට සහභාගි විය.

අලුත්ගම ඇතුලු කෘෂි ගම්මානය තුළ මේ වනවිට වර්ග අඩි 40000ක මිරිස් බීජ නිෂ්පාදනය කෙරෙන අතරම එම බීජ වගා කිරිමට වතුකරයේ තරුණයන් 200ක් සම්බන්ධ කරගනිමින් පළමු අදියර වශයෙන් ජාතික නිෂ්පාද වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත..

ඒ අනූව එක් තරුණයෙකුට අක්කර භාගයක ඉඩමක් හා රුපියල් ලක්ෂ 3.5ක අධාර ලබාදෙන අතර ආරක්ෂිත වැට, බීජ, ජලය සැපයිමේ පහසුකම් නව කෘෂි තාක්ෂණය සියල්ල ඒ යටතට අයත්ව ඇත. ඒ අනුව ගලබඩවත්ත ප්‍රදේශයේ අක්කර 100ක මිරිස් වගා කෙරෙයි.

ඉදිරියෙදි ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ වගා නොකරන වතු ඉඩම් වලින් අක්කර 1000ක මිරිස් වගා කිරිමට පියවර ගන්නා අතරම සම්පූර්ණ මිරිස් ආනයනය නතර කිරිමට හෙක්ටයාර 4000ක මිරිස් වගා කිරීමට අපේක්ෂිතව ඇත. ක්‍රම ක්‍රමයෙන් මේ සිදු කරනුයේ එම ඉලක්කය සමිපූර්ණ කිරීම බව කෘෂිකර්ම අමාත්‍යවරයා එම අවස්ථාවේදී පැවසුවේය.

එමෙන්ම මෙම නිෂ්පාදන දේශීයවෙළදපොලට සැපයීම සදහා සැකසුම් මධ්‍යස්ථානයක් ලබා දෙන බවද එයට මිරිස් වියලීමේ යන්ත්‍ර හා ඒ සදහා අවශ්‍ය සෑම පහසුකමක්ම ලබාදෙන අතර නිෂ්පාදන අළෙවිකරණය සදහා ගලබඩ මිරිස් සමාගමක්(galabada chili campany) ඇති කිරීමට බලාපොරොත්තු වන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

ඒ තුළින් නිෂ්පාදන සදහා සධාරණ මිලක් මෙන්ම රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා නිර්මාණය කිරිමටද පියවර ගනු ලබන බවද ඔහු පැවසුවේය. නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගිමට රජය දියයුතු සියලු සහාය ලබාදෙන අතර තරුණ තරුණියන් නව කෘෂි තාක්ෂණයත් සමග බද්ධ වෙමින් කැපවිමෙන් මේ සදහා දායකත්වය ලබාදිම අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

Read more

Local News