පොදුජන පෙරමුණෙන් එල්ල කළ චෝදනාවලට ඇමති විමල්ගෙන් පිළිතුරු

Share

අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් පොදු ජන පෙරමුණේ නායකත්වය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල් කරගනිම්න් ඔහුට පොදුජන පෙරමුණෙන් දැඩි විරෝධතාවක් එල්ල වු අතර අද මීගමුව අධිකරණයට පැමිණි අවස්ථාවේ විමල් වීරවංශ අමාත්‍යවරයා එම චෝදනාවලට පිළිතුරු ලබා දෙනු ලැබිය.

 

මහින්ද රාජපක්ෂ මහතා නායකත්ව තනතුරේ සිටින අතර තුරේ ගෝඨාභය රාජපක්ෂ මහතා ද නායකත්ව තනතුරක සිටියේ නම් මේ රටේ දේශපාලන බලවේග සමග තිබෙන සහසම්බන්ධය වැඩිවිය හැකි බව අමාත්‍යවරයා සදහන් කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා “2005 ජනාධිපතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණෙන් ආවා විවේචනයක් පමණ ඉක්මවා කැපවුණා කියලා මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණයට. එලෙස කටයුතු කිරීම වරදක් නම් මම ජාතියෙන් සමාව ගත යුතුයි. ඒ වගේම යුද්දේ යන වෙලාවේ ජවිපෙ ආණ්ඩුව වට්ටන්න හදන කොට ආණ්ඩුවෙන් එළියට ඇවිල්ලා එදා යුද්දේ කරගන්න සහයෝගය දුන්න එක වරදක් නම් මම ජාතියෙන් සමාව ගන්න ඕනේ. ඒ වගේම මහින්ද රාජපක්ෂ 2015 ජනවාරි 8 පරාජය වෙද්දි. පසුව නැවත මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රාහී ගමන ආරම්භ කිරීම සඳහා නුගේගොඩින් මහින්ද සුළඟ ආරම්භ කිරීමට පුරෝගාමී වීම වරදක් නම් මම ජාතියෙන් සමාව ගත යුතුයි. ඒ වගේම ගෝඨාභය මහතා ජනාධිපති අපේක්ෂකයා විය යුතුයි කියමින් එය යථාර්ථයක් කර ගන්න ගිය එක වරදක්නම් ජාතියෙන් සමාව ගන්න ඕනේ.“ යනුවෙන් පැවසීය.

එසේම “මහින්ද රාජපක්ෂ මහතා කොහොමත් නායකත්වයේ ඉන්න ගමන් තවත් සුදුසු තනතුරකට ගෝඨාභය රාජපක්ෂ මහතා සිටියා නම් මේ රටේ දේශපාලන බලවේග සමග තියෙන සහසම්බන්ධය මීට වඩා වැඩිවෙනවා. ඒක ආණ්ඩුවේ ගමනටත් රටේ උන්නතියටත් උපකාරී වෙනවා. තවත් පක්ෂයකට හිටියා කියලා වෙනත් පක්ෂයක් ගැන කතා කරන්න බැහැ කියලා නීතියක් නැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එහෙම කතා කිරීමේ නිදහස සීමා කරලා නෑ. පොඩි ළමයි සමහර වෙලාවට බඩු මුට්ටු කඩා ගන්නවා. අපි කලබල වෙන්න හොඳ නැහැ. අපේ පක්ෂයට සම්බන්ධ විදෙස් ඔත්තු සේවාවල වෛද්‍යවරු ඉන්නවනම් මම ජනපතිගෙන් ඉල්ලනවා වහාම පොලිස්පතිවරයාට නියෝග කරන්න පරීක්ෂණයක් කරන්න කියලා.“ යනුවෙන්ද පැවසීය.

ජාතික පුවත්පතකට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතා ජනතාවගෙන් සමාවගෙන ඉල්ලා අස්කර ගතයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ අවධාරණය කර සිටියේය.

Read more

Local News