බස් රථ ප්‍රවේශපත්‍ර වෙනුවට ඉලෙක්ට්‍රොනික කාඩ්පතක් හඳුන්වා දීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
ඒ සඳහා යොදා ගැනෙන මෘදුකාංගයේ සංවර්ධන කටයුතු මේ වනවිට සිදු වෙමින් පවතින බවත් අදාළ කාඩ් පතට රීලෝඩ් මගින් මුදල් බැර කර පෞද්ගලික හා ලංගම බස් රථ සඳහා ගෙවීම් කළ හැකි වනු ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා සදහන් කළේය