යාපනය රදගුරු ජස්ටින් ඥානප්‍රගාසන් හිමියන් හා අධ්‍යාපන ඇමති අතර සාකච්ඡාවක්

Share

උතුරු-දකුණ, නැගෙනහිර-බටහිර ආදී කිසිදු වෙනසකින් තොර ව අධ්‍යාපන අමාත්‍යංශයේ සම්පත් පාසල්වලට බෙදා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

 

යාපනය රදගුරු ජස්ටින් ඥානප්‍රගාසන් හිමියන් සමග සිදුකළ සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

එහිදි අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසුවේෙ “මේ වනවිට අපේ රජය උතුරු-නැගෙනහිර විසඳිය යුතු සහ මැදිහත්විය යුතු ප්‍රධාන ක්ෂේත්‍ර ලෙස අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය යන අංශ හඳුනාගෙන තිබෙනවා. ඒ ඒ ක්ෂේත්‍රයන්ට සුවිශේෂිත වැඩසටහන් සහ සැලසුම් මේ වනවිටත් ක්‍රියාත්මක මට්ටමේ පවතිනවා.

අපි වාද විවාද මත විරසක නොවී මේ වැඩසටහන්වල ප්‍රතිඵල ලබා ගැනීමට උත්සුක වියයුතුයි කියා මා හිතනවා. විශේෂයෙන් ම මේ පළාත්වල දූ දරුවන්ට සිංහල භාෂාව ඉගැන්වීම ඉතා වැදගත්. දකුණේ පාසල්වල මේ වනවිට දෙමළ භාෂාව ඉගැන්වීම ඉතා සාර්ථක ලෙස කෙරීගෙන යනවා.

ඒවගේ ම උතුරු සහ දකුණේ පාසල් අතර අන්‍යෝන්‍ය සබඳතා පවත්වාගෙන යාම අතිශයින් ම වැදගත් වෙනවා. සිංහල ඉගෙන ගැනීමට මේ පළාත්වල දරුවන්ගේත් තිබෙන්නේ ඉහළ උනන්දුවක්. මෙහි ප්‍රධාන ගැටලුව වී තිබෙන ගුරු හිඟය පිරවීම සඳහා අමාත්‍යංශ මට්ටමින් අවශ්‍ය සියලු පියවර ගන්නට පෙරොන්දු වෙනවා” යනුවෙනි.

Read more

Local News