ආක්‍රමණශීලී ශාක ඉවත් කිරිමට ජනතාවගේ දායකත්වය අවැසියි : වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව

Share

කලපු අන්දර (Prosopis juliflora) වැනි ආක්‍රමණශීලී ශාක විශේෂ මෙරට වනාන්තර විනාශ කරමින් පැතිර යාමේ තත්ත්වයක් පවතින අතර මෙම තත්ත්වයෙන් වානාන්තර පද්ධතිය ගලවා ගත යුතුව ඇති බවත් පරිසර හිතකාමී පෞද්ගලික අංශය ඇතුළු ජනතාවගේ දායකත්වය මේ සදහා අපේක්‍ෂා කරන බවත් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

 

කළපු අන්දර වැනි ආක්‍රමණශීලී ශාක ගලවා ඉවත් කිරීම, ආක්‍රමණශීලී ශාකයේ සියළු ද්‍රව්‍ය එම ප්‍රදේශයෙන් ඉවතට රැගෙන යාම තුළින් මේ සදහා දායක විය හැකි අතර පරිසරයට ආදරය කරන පාර්ශවයන්ට එම භූමිය ශුද්ධ කර පැළයක් සිටුවා වසරක් රැක බලා ගත හැකි බවද වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

සිටුවීමට අවශ්‍ය පැළ දෙපාර්තමේන්තුව මගින් නොමිලේ සපයනු ලබන අතර මේ පිළිබඳ වැඩිවිස්තර දුරකථන අංක 0112 866 702 හෝ 071 8 111 738 ඔස්සේ ලබා ගත හැකිය.

 

Read more

Local News