මංගල උත්සව සඳහා සහභාගි විය යුතු ගණන : අවමංගල කටයුතු පැය 24ක් ඇතුළත

Share

සියලුම අවමංගල්‍ය කටයුතු පැය 24ක් ඇතුළත අවසන් කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් නව තීරණ ක්‍රියාත්මක කිරීමට පියවරගෙන ඇති බව ඖෂධ නිෂ්පාදනය සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

 

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ “අපි තීරණයක් ගත්තා අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගීවෙන පිරිස් සඳහා යම් සීමාවක් සහ පැය 24ක් තුළ ඒ අවමංගල්‍ය කටයුතු සියල්ල නිමා කරන්න ඕනා කියන උපදෙස ලබාදීම සඳහා. ඒ වගේම තමයි මංගල උත්සව කටයුතු සඳහා සහ අනෙකුත් උත්සව ප්‍රියසම්භාෂණ කටයුතු සඳහා 150ක් දක්වා මේ වනතෙක් අවස්ථාවල ලබාදීලා තිබුණා. අපි ඒක 50ක් දක්වා නැවත අඩුකරලා තියෙනවා. නීතිමය වශයෙන් දැනුම්දීමක් කෙරේවි. විශේෂ අවධානයක් යොමුවෙලා තියෙනවා රාත්‍රී සමාජශාලා පිළිබඳව. ඒ වගේම විනෝදජනක කටයුතු සඳහා විවිධ ආකාරයේ එකතුවීම් පිළිබඳව. ඒ සඳහාත් හෙට සහ අනිද්දා දිනයේදී යම් සීමා පැනවේවි.” යනුවෙනි.

Read more

Local News