සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශපත්‍ර තැපෑලට

Share

මෙම වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන් සඳහා විභාග ප්‍රවේශපත්‍ර තැපෑලට යොමු කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

 

කොළඹ හා ශ්‍රී ජයවර්ධපුර අධ්‍යාපන කලාපවල විදුහල්පතිවරුන්ට එම විභාග ප්‍රවේශ පත්‍ර අද දිනයේ විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාවට පැමිණ ලබා ගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේය

පෞද්ගලික අයැදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර අද තැපෑලට යොමු කරනු ලබන අතර විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ප්‍රවේශ පත්‍ර සම්බන්ධ යම් ගැටලුවක් වෙත්නම් විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාව අමතා විසඳුම් ලබා ගත හැකි බවයි.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන 01වැනිදා සිට 10 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 4,513 කදී පැවැත්විමට නියම්තයි.

Read more

Local News