රිය අනතුරු 23කින් පුද්ගලයින් 23ක් මරුට

Share

ඊයේ(17) දිනයේ මාරක රිය අනතුරු 3ක් සිදුව ඇති අතර තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

 

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ පෙබරවාරි 7 වන දින සිට 13 වන දින දක්වා වු කාලය තුළ සිදුව ඇති රිය අනතුරු 23 කින් පුද්ගලයින් 23දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි.

එමෙන්ම අනතුරුවලින් 286ක් පමණ තුවාල ලබා ඇති අතර වාර්තා වී අති මුළු රිය අනතුර සංඛ්‍යාව 413ක් පමණ වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩ්දුරටත් පැවසුවේ“පසුගිය වසර එකහමාරක කාලය තුළ බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් 103,010 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ අනුරාධපුර ප්‍රදේශයෙන් එම පුද්ගලයින්ගේ සංඛ්‍යාව 6,690 වෙනවා. මීට අමතරව හැටන් ප්‍රදේශයෙන් 4,992ක්ද කුරුණෑගල ප්‍රදේශයෙන් 3,681ක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.“ බවයි.

Read more

Local News